පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 3ක් මාට්ටු

Share

යාපනය, චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේ පෞද්ගලික ආරවුල් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

චාවකච්චේරි පොලීසිය පැවසුවේ ප්‍රදේශයේ නිවැසියන් පිරිසකට පහරදීමක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් ඊයේ(06) අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 19 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි.

චාවකච්චේරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News