සිහින මාලිගා ණය ගන්න විවාහ වන බව නාමල් කියයි

Share

ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය නොකිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරන ආකරයට මෙවර අයවැය ජය ගැනීම සඳහා විපක්ෂය සාමාජීකයින්ගේ ඡන්දය තිරණාත්මක බවයි.

පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂය බහුතර නොමැති බවත් විපක්ෂයේ බහුතරයක් ඇති බවත් පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලබන්නේ ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය නොකරන බවයි.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අද සඳහන් කළේ මිලියන 10 ක සිහින මාලිගා ණය මුදල ලබාගැනිම සඳහා විවාහ වන බවයි.

Read more

Local News