කුඩුකාරයින්ගේ අයවැය ගැන ප්‍රසන්න කියයි

Share

ඉදිරි වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව නව අය- වැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කුඩුකාරයින් විසින් සකසන ලද අයවැයක් බවත් එනිසාම ජනතාවට සහන නොලැබී ගොස් ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මෙයත් නිසැකයෙන්ම ජනතාව රවටන අයවැයක් බවත්, මීළඟ අයවැය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ගෙන එන බවත් කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ හා මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය දා සාකච්ඡා ඇති වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 21 හෝ 22 යනුවෙන් හෝ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කළ බවයි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා විසින් එය පරාජය කිරීමට නම් ස්ථාවර හා ශක්තිමත් ආණ්ඩුවක් පැවතිය යුතු බවත්, එයට අදාළ මැතිවරණ ක්‍රම වෙනස් විය යුතු බවත් පැවසු බව ද මන්ත්‍රීවරයා ඒ සඳහා අයහපත් ප්‍රතිචාර හිමිව ඇති බව ද කියා සිටියේය.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව මැයි හෝ ජූනි මාසයේ දී අනාවරණය කරන බවත්, එය තමා දන්නා වුවත් මේ මොහොතේ ප්‍රකාශ නොකර බවත්, ප්‍රශන්න රණතුංග මහතා මාධ්‍යවේදීන් වෙත පැවසීය.

Read more

Local News