නාලකට ඇප ඉල්ලූ පෙත්සම භාග නොකරම ඉවතට

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතන සැලසුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවත දැමිමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කටයුතු කළේය.

නාලක සිල්වා මහතා බන්ධනාගාර ගත කිරීමට අදාළව ‌‌කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

පෙත්සම ඉවත දමමින් මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ සැකකාර නාලක සිල්වා මහතා බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීන්දුව නිවැරදි බවයි.

Read more

Local News