අල්ලස් ඉල්ලූ CID සැරයන් රිමාන්ඩ් කෙරේ

Share

රු. 80000ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබාගැනිමට උත්සාහ කිරිමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් ලබන 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රා්ත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

සැකකාර සැරයන්වරයා අද(08) අධිකරණයට හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි මෙසේ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මුදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යැයි බව කියමින් මෙම මුදල් ඉල්ලා තිබෙන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News