නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා පලා යයි

Share

අද (09) අළුයම 5.00 ට පමණ මාවනැල්ල, දනාගම ප්‍රදේශයේ දී නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බවට වාර්තා වෙයි.

තුවාලකරු වයස අවුරුදු 37ක පුද්ගලයෙකු වෙයි.

ඔහුව මාවනැල්ල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට රැගෙන ගොස් තිබේ.

මාවනැල්ල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Read more

Local News