වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 2ක් මාට්ටු

Share

ගල්කිස්ස පොලිස් වසමේ ගාමිණී පටුමග, රත්මලාන ප්‍රදේශයේදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රත්මලාන ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටි මෙම විදේශ ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 35 යන වයස් වල පසුවන නයිජීරියානු ජාතිකයන් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් අද (09) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලීසිය සිදු කරයි.

Read more

Local News