ජනපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ලිපියක්

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් පිළිබඳ කල් තැබීමේ විවාදයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මතු කළ ගැටලු කිහිපයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා වෙත පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

පසුගිය 07 වැනිදා රැස් වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒ පිළිබද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකිරීමට තීරණය කර ඇති අතර එම කරුණු මාධ්‍ය වෙත ද මුදාහැරීමට තීරණය කළ බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංයුතිය සිවිල් සමාජ නියෝජිතයින් බහුතරයකගෙන් සකස් විය යුතු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සාධාරණ වුව ද දැනට පවතින සංයුතිය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති බැවින් ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිව ඇති බවට සභාව අපේක්ෂා කරන බව ලිපියේ දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායක බලයේ සීමාව උල්ලංඝණය කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අසාධාරණ බව අදාළ ලිපියෙන් කරුණු දක්වා තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි කිසිදු මැදිහත් වීමක් සිදුනොකරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ හැක්කේ ජනාධිපතිවරයා යොමුකරන නම් සලකා බැලීම පමණක් බවත් ඔවුන් පෙන්වා දෙනු ලබයි.

ඇතැම් නම් ප්‍රතික්ෂේප කිරීමට හේතු ජනාධිපතිවරයා වෙත ප්‍රමාණවත්ව දක්වා ඇති අතර විනිසුරුවරුන්ගේ කටයුතුවලට බාධාවක් නොවන ආකාරයෙන් ඒවා ප්‍රසිද්ධ වීම වැළැක්වීමට පියවර ගත් බව ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ දක්වා ඇත.

නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කිරීමේදී ද බහුතර එකඟතාව මත ක්‍රියාකළ බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

Read more

Local News