විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් ජෝන්ට චෝදනාවක්

Share

අයවැය විවාදයට එක්වූ අමාත්‍ය ජෝන් අමතුංග මහතා මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ඉදිරිපත් කළ අයවැය කථාවම සිදුකරන බව විපක්ෂ මන්ත්‍රිවරුන් සඳහන් කරන්නට විය.

විපක්ෂ මන්ත්‍රිවරුන් වන විමල් විරවංශ මහතා හා දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් අයවැය යෝජනා පිළිබඳ තමන් තවදුරටත් ජනතාව දැනුවත් කරන බව අමාත්‍යවරයා එයට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

එසේම තමන් පාර්ලිමේන්තුවට පැමිණි කාලයේදී අයවැය පරතරය රුපියල් මිලියන ගණනින් සඳහන් කළත් දැන් වන විට එය රැපියල් බිලියන ගණනින් සඳහන් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News