Home දේශීය පුවත් ජවිපෙ පමණක් ඇති දෙයක් ගැන අනුර කියයි

ජවිපෙ පමණක් ඇති දෙයක් ගැන අනුර කියයි

0
ජවිපෙ පමණක් ඇති දෙයක් ගැන අනුර කියයි

දුෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්විමට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වත්මන් අග්‍රාමාත්‍යවරයා සොරකම් කර ඇති බවත් සොරුන් ආරක්ෂා කර ඇති බවත්, සොරුන් දඬුවම් වලින් බේරාගෙන තිබෙන බවටද මන්ත්‍රීවරයා එහිදි චෝදනා කළේය.

තමන් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ඔප්පු කිරිම සඳහා සාක්ෂි තමන් සතු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටද ඒ සම්බන්ධයෙන් චෝදනා කළ මන්ත්‍රීවරයා පැවසුවේ එම පර්ශව දෙකටම අදූෂිත දෙශපාලනය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here