යහපාලන TOP 10 කම්බා හොරු මෙන්න

Share

“යහපාලන TOP 10 කම්බා හොරු” නැමැති ග්‍රන්ථය ඊයේ (10) දින කොළඹදී එළිදැක්විය.

එය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද මහතා විසින් රචිත කෘතියකි.

එහි පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්විම සිදු විය.

මෙම ග්‍රන්ථයේ අඩංගු වන්නේ වර්තමාන යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මිලියන 1500 මහජන මුදල වංචා කරන ලද අවස්ථාවන්ය.

වසර 2 1/2ක් තුළ පොලීසියට හා වංචා විමර්ශන කාර්යාලයට සහ FCID යට කරන ලද පැමිණිලිද මෙහි අඩංගුය.

එම පැමිණිලි විභාග නොකිරීම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම පොත එළිදැක්වීමේ ප්‍රධාන අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read more

Local News