රාමේෂ්වරන් ධීවරයින් විරෝධතාවක නිරත වෙයි

Share

ඉන්දියාවේ රාමේෂ්වරන් ධීවරයින් අද(12) දිනයේ ධීවර කටයුතුවලින් ඉවත් වී විරෝධතාවක නිරත විමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින රාමේෂ්වරන්හි සිසුන් තිදෙනෙකු නිදහස් කිරීමට බල කරමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිසුන් තිදෙනා නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජයට ඉන්දීය මධ්‍යම රජය හරහා බලපෑම් කිරීම මෙම විරෝධතාවයේ අරමුණ බව තමිල්නාඩු යාන්ත්‍රික බෝට්ටු ධීවර කාර්මික සුබසාධක සංගමය පවසයි.

අදාළ සිසුන් මේ වසර අවසානයේ විභාග සඳහා පෙනී සිටීමට නියමිතව ඇති බැවින් ඔවුන් වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බව රාමේෂ්වරන් ධීවරයින් පෙන්වා දෙයි.

Read more

Local News