සිංහල කමයි බෞද්ධ කමයි මතක් වෙන්නේ මැතිවරණයක් එද්දී තලතා කියයි

Share

සිංහල කමයි, බෞද්ධ කමයි මතක් වෙන්නේ ගොඩක් අයට මැතිවරණයක් ආවහම. අද සමෘද්ධිය දෙන්නේ පක්ෂය හොයලා බලලා නෙවෙයි නැති බැරිකම ගැන හොයලා බලලා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අධිකරණ ඇමති හැටියට කියන්න ඕන අද සමහර අය අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරනවා. එහෙම වුණොත් කොච්චර සම්පත් තිබුණත් රට ආයෙත් ආපස්සට යනවා මිසක් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නැහැ.

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන යටතේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් රුපියල් ලක්ෂ 17 ක් වැය කරමින් අභිනවයෙන් ඉදි කළ නිවිතිගල වඳගල ප්‍රජා ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය තලතා අතුකෝරළ මේ බව පැවසීය.

රටක් භාර අරගෙන අවුරුදු තුනක් තුළ අගමැතිතුමාගේ තිබිච්ච උවමනාව, මහන්සිය විශේෂයෙන්ම සියළුදෙනාම එකතුකරගෙන වැඩ කරන්න පුලුවන්කම පෙන්නපු නිසා අපිට අද ගොඩක් වැඩකටයුතු කරන්න උදව් කරන්න ලෝකෙ දියුණු රටවල් උදව් කරන්න යන බව ද එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News