අයවැයට එජනිස හා ජවිපෙ විරෝධය

Share

මෙවර අයවැයට විරෝධය පළ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

අද(12) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී එකඟතාවකට පැමිණෙන බව ඒ මහතා පැවසීය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර අයවැයට විරුධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය ඊයේ දිනය පුරා පැවති අතර එහිදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණි.

Read more

Local News