හෙට ගුරුවරු අසනීප වෙයිද ?

Share

ගුරු-විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතා ඇතුළු ගැටළු මුල් කර ගනිමින් වෘත්තිය සමිති රැසකට අයත් ගුරුවරුන් හෙට (13) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතව තිබේ.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මීට සමගාමීව හෙට දිනයේ දිවයිනේ ප්‍රධාන නගරවලදී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල නිතර වීමට ද සැලසුම් කර ඇති බවයි.

නුගේගොඩ, බදුල්ල, බණ්ඩාරවෙ, මහනුවර, තංගල්ල, පුත්තලම, මොණරාගල, වැල්ලවාය, මොරවක, රත්නපුරය ඇතුළු දිවයින පුරා ප්‍රධාන නගර ඇතුළුව ස්ථාන 20කදී මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරීමට සැලසුම් කර ඇති බව එම සංගමය පවසයි.

වසර 22ක් පුරා ගුරු හා විදුහල්පති සේවාවන්ට පවතින බරපතළ වැටුප් විෂමතා නොවිසඳීම, මාස 03ක හිඟ වැටුප් කොල්ලකෑම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 06ක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂනය පවත්වනු ඇති බව වාර්තා වෙයි.

Read more

Local News