සංචාරකයින් පැමිණිමේ වර්ධනයක්

Share

පෙබරවාරි මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 252,033 දෙනෙකු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

ඒ අනුව එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 235,618 හා සැසඳීමේදී වඩා පසුගිය මාසයේදී සංචාරකයින් පැමිණීම 7% වර්ධනය වී ඇතැයි ද එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.

මේ වසරේ මුල් මාස 02 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,272 ක් බවද සංචාරක සංවර්ධන අධිකාරියේ එම දත්ත වාර්තා වල වැඩිදුරටත් දැක්වේ. ඉකුත් පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එරටින් චාරකයින් 32,914 කු පැමිණ ඇත.

නමුත් 2018 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී එය සියයට 1.9% ක පහළ යාමක් යැයිද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී. ඊට අමතරව බි‍්‍රතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් ගණන 29,750 ක් ද වේ. එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් හා සැසඳීමේ සියයට 8.8% කින් වර්ධනය වී ඇත.

එක්සත් ජනපදයෙන් සංචාරකයින් පැමිණීම 61.7 %කින් ද, ඕස්ටේ‍්‍රලියාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 54.8, කැනඩාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 61.8 කින්ද පසුගිය පෙබරවාරි මාසයේ දී වාර්තා වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියි.

Read more

Local News