Home දේශීය පුවත් කොටබත්ම රක්ෂිතයේ ගින්නක්

කොටබත්ම රක්ෂිතයේ ගින්නක්

0
කොටබත්ම රක්ෂිතයේ ගින්නක්

කොස්ලන්ද කොටබත්ම රක්ෂිතයට අද(12) දහවල් කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව කොස්ලන්ද පොලීසිය පවසයි.

මෙම ගින්න හේතුවෙන් මේ වන විට රක්ෂීතයේ අක්කර 10 ක පමන බිම් කොටසක් පිළීස්සී විනාශයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

වන සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සඳහා තබන ලද ගින්නක් මෙලෙස පැතිර යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

අද දහවල් 1.00 පමණ වන විටත් ගින්න පැතිර යමින් තිබූ අතර කොස්ලන්ද පොලීසිය, දියතලාව යුද හමුදා කඳවුරේ හා දියතලාව ගුවන් හමුදා කඳවුරේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here