අදත් පළාත් කිහිපයකට සවස් කාලයේ තදවැසි

Share

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News