වතු කම්කරුවන්ගේ වැටුපට රුපියල් 50ක දිමනාවක්

Share

සියලුම වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට රුපියල් 50ක දිමනාවක් ලබාදීමට රජය කටයුතු කරන බව නවීන් දිසානායක අමාත්‍යවරයා පවසයි.

නවීන් දිසානායක මහතා පවසන්නේ අයවැයෙන් පසු ලබන මැයි මස සිට අවුරුද්දක කාලයක් එම දිමනාව ලබාදීමට කටයුතු කරන බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සියලුම වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ තීරණ කරනු ලබන්නේ රජය නොවන බවත් වතු සමාගම් හා වෘත්තිය සමිති බවත් නවීන් දිසානායක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News