වේගෙන් ආ මෝටර් රථය ගසක ගැටේ – අයෙක් මරුට

Share

ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ කොට්ටපිටිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

අද(13) අළුයම 1.30ට පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ බකමූණ දිග්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදාවේ සේවයේ නියුතු වයස අවුරුදු 23ක තරුණයෙකි.

අනතුරෙන් තුවාල ලැබු එක් අයෙක් කාන්තාවක් වන අතර ඇය පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

අධික වේගය හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බකමූණ පොලීසිය පවසයි.

Read more

Local News