බෝයිං තහනමට තවත් රටක් එක්වෙයි

Share

බෝයිං 737 මැක්ස් වර්ගයේ මගී ගුවන් යානා තහනම් කළ රටවල් අතරට ඉන්දියාව ද එක්වී ඇති බවට වාර්තා වෙයි.

මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍යය ඇතුළු ලොව පුරා රටවල් රැසක් මේ වන විට බෝයිං 737 මැක්ස් වර්ගයේ යානාවලට තහනමක් පනවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පුද්ගලයින් 157 දෙනෙකු රැගත් බෝයිං 737 මැක්ස් එයිට් වර්ගයේ ගුවන් යානයක් පසුගිය ඉරිදා අනතුරට ලක්වීමේ ආසන්නතම සිද්ධිය මීට හේතු වී ඇත.

Read more

Local News