උසස් තාක්ෂණ ආයතනයේ මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළට

Share

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මේ වන විට රුපියල් 5000 ක මාසික මහපොළ ශිෂ්‍යාධාර ද රුපියල් 4000 ක මාසික විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාරය ද , ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුවකු වෙත රුපියල් 1500 ක මහපොළ ශිෂ්‍යාධාරයක් ද හිමිවෙයි.

ඒ අනුව, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයත‍නයේ සිසුන් වෙත මෙතෙක් ගෙවනු ලැබූ මහපොළ ශිෂ්‍යාධාර මුදල වාරිකය රුපයල් 1500, රුපියල් 2500 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබේ.

නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රදානය කිරීමට මෙරට පිහිටුවා ඇති ආයතනයකි.

මේ වන විට එහි ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19 ක සිසුන් 20000 කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරයි.

උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර 2015 වසරේ දී වැඩි කරනු ලැබීය.

Read more

Local News