සමාජ ආරක්ෂණ ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය පනත් සංශෝධනය කැබිනට් අනුමැතිය

Share

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සමාජ ආරක්ෂණ ගිවිසුම් අත්සන් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙරට පවතින කම්කරු නීතිය අනුව මෙරට රැකියාවේ නියුතු විදේශීය සේවයින් 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් ආවරණය වෙයි.

එම සේවකින් මෙරට තුළ ඔවුන‍්ගේ සේවා නියුක්තිය අවසන් කර සිය රටට යාමේ දී ඔවුන් විසින් එම කාලය සඳහා සේවක අර්ථසාධක අරමුදලට ගෙවන ලද සම්පූර්ණ දායක මුදල හා ඊට අදාළ පොලී මුදල ද ආපසු ලබා ගැනීමට හිමිකම් ලබයි.

එසේ වුවත් ඉන්දියාවේ පවතින නීතිය අනුව, එරට සේවය කරන ශ්‍රී ලාංකීක සේවකුයෙකු එරට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයට දායක විය යුතු අතර, එම සේවකයාගේ දායක මුදල් වයස අවුරුදු 58 වන තුරු ආපසු ලබා ගැනීමට හැකියාවක් නොමැත.

මෙම ගැටළුව සඳහා ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීකයන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, සමාජ ආරක්ෂණ ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.

එමඟින් ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවන ශ්‍රී ලාංකීක සේවකයින් තවදුරටත් ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදලට දායක  මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අර්ථසාධක අරමුදල සඳහා දායක නොවී ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදලට දායක වන ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීකයන් හට ඔවුන්ගේ දායක මුදල ඉන්දියාවේ සේවය අවසන් කරන අවස්ථාවේ දී නැවත ලබා ගැනීමට අයඳුම් කිරිමට ද හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, සමාජ ආරක්ෂණ ගිවිසුමකට එළඹීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත ‍සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News