ප්‍රධාන රෝග තුනකට ඖෂධ මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය

Share

ප්‍රධාන රෝග තුනක් සඳහා අවශ්‍යව තිබු ඖෂධ මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, හෘදයාබාධ ඇති වු පුද්ගලයින්ට ලබා දෙනු ලබන ටෙනෙක්ටිප්ලේස් එන්නත් 10,000ක් මිල දී ගැනීමට යෝජනා වී තිබේ.

මිලිග්‍රෑම් 40 ප්‍රමාණයේ මෙම එන්නත් සඳහා ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයන් අනුව ඇමෙරිකානු ඩොලර් 4,250,000 ක මුදලකට ඉන්දියාවේ පෞද්ගලික ආයතනයක් වෙත යැවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම දියවැඩියා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් මිලි ලීටර් 10 එන්නත් 850,000 ක් මිල දී ගැනීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 1,317,500 ක මුදලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික බෙහෙත් ආයතනයක් වෙත ලබා දීමට ඒ අනුව කටයුතු කරනු ලබයි.

තව ද හිමෝෆීලියා රෝගීන්ට ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන් ට්‍රිටඩ් ඩ්‍රයිට් ෆැක්ටර් වයල්ස් 52,000 ක් මිල දී ගැනීමට ද අද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රසම්පාද මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයන් අනුව ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 3,172,000 ක මුදලක් ස්විස්ටර්ලන්තයේ ආයතනයක් වෙත පිරිනැමීමට ඒ අනුව කටයුතු කරයි.

Read more

Local News