ජනපති නයිරෝබි නුවරට ළඟා වෙයි

Share

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගීවිම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙන්යාවේ නයිරෝබි අගනුවරට ළගාවී ඇත.

ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස නයිරෝබි අගනුවර පිහිටි ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් එරටට ළඟාවී ඇත.

එරට විදේශ කටයුතු පරිපාලන ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා මහත් හරිසරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව සමුළුවේ ප්‍රධාන රැස්වීම අද(14) ආරම්භ වන අතර අද දහවල් ජනාධිපතිවරයා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.

Read more

Local News