පිළියන්දල වෙඩි තැබීමක් – 2ක් මරුට

Share

මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට අද(14) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ නිවස ඉදිරිපිට සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා පලාගොස් තිබේන බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවට වාර්තා වෙයි.

වෙඩි තැබිම සිදු කළ එක් සැකකරුවෙකු හඳුනාගෙන ඇත.

එ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුමුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News