මහින්ද ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලා අස්කර ගනී

Share

තමන්ට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා අද(14) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

මෙම පෙත්සම් අද ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මෙම තහනම් නියෝගය නිකුත් කළ සිද්ධියට අදාළ නඩුව එය ගොනු කළ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂවලට සම්බන්ධ මන්ත්‍රීවරු 122 විසින් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන ඇති හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන්ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේ ය.

Read more

Local News