මධුෂ් අත්අඩංගුවට නොගන්නැයි පෙත්සමක්

Share

දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් නමැත්තා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මධුෂ් නමැත්තාගේ මවගේ සොයුරියක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචි ඒ. ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායක භාර නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්, පොලිස්පතිවරයා, සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ දැනට විදේශගතව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පදනම් විරහිතව කටයුතු කරමින් සිටින බවයි.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News