විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි

Share

විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවත් යළි කිසි දිනක මෙරට ජනාධිපතිවරණයක් නොපැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි.

තවත් ජනාධිපතිවරණයක් එපා යන මැයෙන් ඊයේ (14) පැවති ජනහමුකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙරට යුධමය තත්ත්වයන් නිර්මාණය කරනු ලැබුවේද විධායක ජනාධිපති ක්‍රමය බවය.

විශේෂයෙන්ම උතුරේ ජනතාව අතර මරාගෙන මැරෙන බෝම්බනකරුවන් නිර්මාණය කළේ විධායක ජනාධිපති බලය බව අනුර කුමාර මහතා ප්‍රකාශ කර සිටියි.

එසේම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය සිදුකරන්නේ යුද්ධයක් ඇති වූවාට පසු එය නැවැත්වීමට නෙවෙ යුද්ධ ඇති වීම වැළැක්වන්නේ කෙසේද යන අරමුණින් වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News