සැමියා නික්ගෙන් ප්‍රියංකාට කෝටි ගණනක තෑග්ගක්

Share

මෑතකදී විවාහපත් ජනප්‍රිය ඇමරිකානු ගායක නික් ජෝන්ස් එයාගේ ආදරණීය බිරිඳ වුණු සුප්‍රසිද්ධ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාට අලුත්ම අලුත් සුඛෝපභෝගී කාර් රථයක් අරගෙන දීලා තියනවා. ඉතින් ඔන්න ප්‍රියංකා මේ වාහනේට ‘Extra Chopra Jonas’ කියල සුරතල් නමක් දාන්නත් අමතක කරලා නැහැ.

පසුගිය දින කිහිපයේ සොනාලි බෝස් ගේ රූපගත කිරීමකට සහභාගී වූ ප්‍රියංකා අපහු එයාගේ ගෙදරට ඇවිල්ල තිබුනා. හැබැයි ගෙදර කිව්වට මේ එයාගේ ඉන්දියාවේ ගෙදරට නෙමෙයි. තමන්ගේ සැමියාගේ ඇමරිකාවේ ගෙදරට. ප්‍රියංකා ටික කාලයකට පස්සේ නැවතත් ගෙදරට පැමිණීමේ සතුට නිමිති කරගෙන තමයි නික් මෙහෙම තෑග්ගක් තමන්ගේ බිරිඳට දීලා එයාව පුදුම කරවලා තියෙන්නේ.

මේ වැඩෙන් හිතුවටත් වඩා සතුටට පත්වුණා ප්‍රියංකා පහුගිය දවසක තමන්ට මේ ලැබුණු සුඛෝපභෝගී වාහනයයි එයාගේ ආදරණීය සුරතලා Diana වගේම ආදරණීය සැමියා නික් එක්ක එකට ඉන්න ලස්සන ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුනා. නික් කියන්නේ මේ ලෝකයේ සිටින හොඳම සැමියා බවත්, මේ දුන්න තෑග්ගට ස්තුතිවන්ත වන බවත් මෙන්න මේ විදියට අකුරු කරන්න ප්‍රියංකා අමතක කරලා තිබුනේ නෑ. ‘When the hubby goes number one.. the wifey gets a @maybach !! Introducing.. Extra Chopra Jonas.. haha .. I love you baby!! Yaaay! Best husband ever.. @nickjonas@’

Read more

Local News