අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් හා කැබ් රථයක් සුරියවැව වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද(15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින්ට ලද ඔත්තුවකට අනුව සිදුකල වැටලිමකදි මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට හැකි වි තිබේ.

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබු කැබ් රථයක් නවත්වන ලෙස සංඥා කලද එය නොනවත්වා ධාවනය කර තිබේ.

එහිදි වහා ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැබ් රථය පසු පස හබාගොස් කැබ් රථය නවතා සිදු කළ පරික්ෂාවකදී කැබ් රථයේ තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

කැබ් රථයේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 25 කොට්ට 09ක්, අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 196ක්, විදුලි ඩෙටනේටර් 100ක් හා කුඩා ලොරි රථයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බන්තොට පොලිසියට බාර දි තිබේ.

පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News