යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

Share

බිංගිරිය පොලිස් වසමේ වීරපොකුණ, කඩිගාව මාර්ගයේ කිනියම වැව අසලදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනක් රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වෙයි.

ඊයේ(15) සවස යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමේන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි මොහොමඩ් ලිපාර් මොහොමඩ් ඩිල්ෂාන් නැමති පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයාගේ දේහය කුලියාපිටිය රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බිංගිරිය පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News