ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විශාලතම ද්විපාර්ශවික ආරක්ෂක අභ්‍යාසයක්

Share

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විශාලතම ද්විපාර්ශවික ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ වැඩබලන මහකොමසාරිස් ජෝන් ෆිලිප් සහ එරට මහ කොමසාරිස් කණ්ඩායමේ කපිතාන් සීන් අන්වින් මේ බව නිවේදනය කර ඇති බව සඳහන් වෙයි.

එම ආරක්ෂක අභ්‍යාසය ලබන 23 වනදා සිට 29 වනදා දක්වා මෙරටදී පැවැත්වෙයි.

මෙය ඉන්දු – පැසිෆික් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහි පළමු නැවතුම්පොළ බවට පත්වන බව සඳහන් වෙයි.

මේ සඳහා මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව යන රටවල් ද එක්වනු ඇත.

Read more

Local News