ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි මෙන්න

Share

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින්  සතියක් ඇතුලත  ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා පැවසිය.

කාසල්රි ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතවෙන් අඩි 15 ක් දක්වා ජල විදුලිය උත්පාදනය සිදු කළ හැකි බව නියෝජ්‍යය සමාන්‍යාධිකාරිවරයා පවසයි.

මාධ්‍යවෙදින් කළ විමසුමකට පිළිතුරු දෙමින් ලක්ෂපාන ජල විදුලි බලාගාර සමාන්‍යාධිකාරිවරයා පවසා ඇත්තේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාවෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරෙන්ද්‍ර සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල උපරිම ධාරිතවකින් විදුලි උත්පාදනය සිදු කරන බවයි.

2018 වසරේ නියං කාලයට වඩා මේ වසරේ ජල විදුලි උත්පාදනය සිදුකර ඇති බවද නියෝජ්‍යය සමන්‍යාධිකාරිවරයා පැවසිය.

වික්ටොරියා සහ කොත්මලේ ජලාශවලද ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැස ඇති නිසා තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දා මෙරටට පැමිණ කෘතිම වැසි ඇති කිරිම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කල බවත්, එම දුත පිරිස මෙම සතිය තුල දිවයිනට පැමිණ ගුවන් හමුදාව සහ තවත් රාජ්‍යය ආයතන කිහිපයක් සමග එක්ව කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාවට නංවන බව ලක්ෂපාන ජල විදුලබලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යධිකාරිවරයා වැඩි දුරටත් පැවසීය.

Read more

Local News