ලක්ෂ 300ක රන් බිස්කට් සමඟ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ 300 ක් වටිනා කැරට් විසි හතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු wo (17)  අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

මොහු කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ජාවාරම්කරුවෙකු බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ.

සැකකරු අලුයම 1.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විකලාංග රෝගීන් ප්‍රතිකාර සඳහා පළදින සායනික ඉනපටියක් පැළද ගෙන , ඒ තුළ මෙම කිලෝ ග්‍රෑම් 04 ක් බර, කැරට් විසි හතරේ රන් බිස්කට් 40 ක් සඟවා ගෙන සිටිය බැව් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරීවරුන් වන ඩී.ඩබ්ලිව්.කේ.විජේතුංග, එම්.අයි.එම්.ස්මායිල්, සහකාර රේගු අධිකාරී එච්.සී.එම්.පෙරේරා යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන එම්.අයි.එම්.සලීම්, ප්‍රසන්න කිරිවත්තුඩුව, එම්.ආර්.රණරාජ් සහ එල්.කේ.එච්.ඩී.කේ.අරේවත්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්.එම්.ටී.එස්.එස්.ධනපාල, ඩබ්ලිව්.ඩී.අයි.ජී.විතාන ,යූ.ජී.එස්.උදයංග, ආර්.ජී.එස්.විජේවික්‍රම සහ අයි.එම්.එම්.එල්.බී.ඉලුප්පිටිය යන මහත්වරුන් විසින් පවත්වමින් සිටිති

Read more

Local News