පුඩළුඔයේ ප්‍රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක

Share

කාපට් අතුරා මාර්ගය ප්‍රතිංස්කරණය කර දෙන ලෙස ඉල්ලා පුඩළුඔය විරසේකරපුර ප්‍රදේශයේ ප්‍රදේශවාසින් පිරිසක් විසින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද(18) උදැසන සිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

නාවලපිටිය පාලුවත්ත ප්‍රධාන මාර්ගයේ විරසේකරපුර ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අවහිර කර ගනිමින් විරසේකරපුර, රොජර්සන්ගම, ගොඩමඩිත්ත, දොඹගස්තලාව, මල්දෙණිය, හැදුණු වැව, හරංගල යන ගම්මාන වල ප්‍රදේශවාසින් සහ මහ සංඝරත්නය එක්වයි මෙම උද්ඝෝෂණය සිදු කරනු ලබන්නේ.

නාවලපිටියේ සිට හරංගල තෙක් එම මාර්ගය කිලෝමිටර 9 පමණ දුරට කාපට් අතුරා සකස් කර ඇති බවත්, පාලුවත්ත සිට කල්පිටිය දක්වා කිලෝමිටර 7 ක දුර දැඩිව අබලන්ව ඇති බවත්, එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටින ගම්වාසින් ඉල්ලා සිටියි.

ප්‍රධාන මාර්ගයේ ටයර් පුළුස්සා මර්ගයේ අබලන්ව ඇති ස්ථාන වල කෙසෙල්ගස් සිටුවමින් ගම්වාසින් විසින් සිදු කරන උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද උදැසන 8 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.

මෙම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස අවස්තා කිහිපයකදි අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියත් එයට මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබිම නිසා තමන් මෙසේ ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයක් සිදු කරන බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් පුඩළුඔය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් අතර උණූසුම් තත්ත්වයක් ඇති විය.

Read more

Local News