ඊයේ(17) මාතර, වල්ගම ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 440 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වැලිගම, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 38 වියෙහි පසුවන මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැලිගම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.