නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වෙයි

Share

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද (18) දහවල් කාලයේ ජනන යන්ත්‍රය අක්‍රීය වීම සිදුව ඇති බවයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර පද්ධතිය සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි කිරීම සිදුවන බව සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේය.

ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News