භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක්

Share

භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(17) පෙරවරුවේ මහනුවර දිගන ශ්‍රී වලුකරම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින්ය.

මීට අමතරව බුද්ධ ශාසන ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ යම් යම් ගැටලු කාරී තත්ත්වයන් හේතුවෙන් වසරකට භික්ෂූන් වහන්සේලා දහසක් පමණ සිවුරු හැර යාමට පෙළඹි ඇති බවයි.

Read more

Local News