කේරළ ගංජා තොගයක් සමඟ 3ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ(17) අයියකච්චි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් කේරළ ගංජා යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 47 සහ 60 වන වියෙහි පසුවන යාපනය, අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ගංජා තොගය සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරු පැදි ඉදිරි කටයුතු සඳහා යාපනය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News