නීති විරෝධි මත්පෙති සමඟ අයෙක් කොටුවෙයි

ඊයේ(17) කිලිනොච්චිය, මුලංකාවිල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස ප්‍රීගැබලින් (Pregabalin) වර්ගයේ වේදනා නාශක පෙති අලෙවි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලංකාවිල් පොලිසිය‍ මෙන්ම කිලිනොච්චිය, ආහාර සහ ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී, ඔහු සතුව තිබී මිලිග්‍රෑම් 150 ක් වූ පෙති 168 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඖෂධ හල සඳහා ද බලපත්‍ර නොමැති හෙයින් ආහාර සහ ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් විසින් ඖෂධ හල මුද්‍රා තැබිමට ද කටයුතු කරන ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ පෙති තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මුලංකාවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.