Tuesday, March 19, 2024.

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

Share

සබරගමුව විශ්වවිද්‍යාලයේ විද්‍යා හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශය සඳහා සිසුන් 95 දෙනෙක් බඳවා ගැනීමට නියමිතව තිබුණත් මේ වන විටත් බඳවා ගෙන ඇත්තේ සිසුන් 62 ක් පමණි.

33 දෙනෙකු බඳවා නොගැනීම හේතුවෙන් හය වන දිනටත් විශ්වවිද්‍යාල ප්‍රධාන දොරටුව අසල අට්ටාලයක් මත එම පීඨයේ සිසුන් පංති වර්ජනය කරමින් සත්‍යග්‍රහයක නිරතව ඇත.

විසඳුමක් නොමැති වීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට විරෝධතා පුවරු රැගෙන පා ගමනින් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසංධියට පැමිණ පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වු බවටයි වාර්තා වන්නේ.

Read more

Local News