කොකේන් චෝදනාව තවමත් වලංගු බව රන්ජන් කියයි

Share

පාර්ලිමේන්තුවේ කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් සිටින බවට තමන් සිදුකළ ප්‍රකාශය තවදුරටත් වලංගු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

මීගමුව ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් සිටින බවට තමන් සිදුකළ ප්‍රකාශය වැරදි මතයක් ලෙස සමාජ ගතවූ බව අංමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කැබිනට් මණ්ඩලය මේ වන විට සිටින සහ පසුගිය කාල වකවානුවේ සිටි ඇතැම් කැබිනට් මණ්ඩලය තුළ සිටි අමාත්‍යවරුන්ට මෙම චෝදනාව කළ බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරික්ෂණයක් සඳහා පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට බිය විය නොවියතුය බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

Read more

Local News