රනිල් අනුග්‍රාහකත්වය දෙන සැලසුමක් ගැන විමල් කියයි

Share

ජාත්‍යන්තරයෙන් මෙරටට එන සියලු බලපෑම් එකම සැලසුමක කොටසක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියි.

පිළියන්දල ඊයේ (19) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තරයෙන් එන බලපෑම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බව විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

ව්‍යවස්ථා සංශෝධන පැමිණෙන්නේ මුදුනේ බලය දුර්වල කිරීමට බවත් එමඟින් තීරණ ගත නොහැකි වියවුල් සහගත රටක් බවට මෙරට පත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

ජිනීවා හරහා පැමිණෙන්නේ රාජ්‍යයේ ආරක්ෂාවත් දේශපාලන ශක්තියත් දුර්වල කිරීමේ මෙහෙයුමක් බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියි.

Read more

Local News