රජය ගන්න උත්සහයක් ගැන ලක්ෂ්මන් කියයි

Share

ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී  ලංකා පොදජන පෙරමුණු කාර්යාලයේදී  ඊයේ  (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,

මෙරට මානව හිමිකම් කඩවූ බවට ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනා නිසා වෙන් ආණ්ඩුව මේ වනවිට අර්බුද රාශියකට මුහුණ දී සිටින බව පැවසිය.

විශේෂයෙන්ම රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ 30-1 යෝජනාව අනුව ප‍්‍රතිත‍්‍රස්තවාදී පනත ඉදිරිපත් කළ යුතුව ඇතැයි කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා එම පනත සම්මත වුවහොත් හුස්ම ගැනීම හැර සියලූම කටයුතු ත‍්‍රස්තවාදී ක‍්‍රියාමාර්ග ලෙස සැක කිරීමට අවස්ථාව සැලැසෙන බව සඳහන් කළේය.

රජය මෙම පනත පසුගිය වසරේ ඔක්තෝම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙම වසරේ මාර්තු 31 වැනිදාට පෙර සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තු වූ බවත්  මෙම පනත මගින් රාජ්‍යබලය නිශේධනය කරන අතරම ත‍්‍රස්තවාදී සැකකරුවන්ට විශේෂ වරප‍්‍රසාද ලැබෙන බවද පැවැසීය.

එමෙන්ම 20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව රජය මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ජා ආරම්භ කර ඇතැයි කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා ජනමත විචාරණයක් පැවැත්වීමට මේ වනවිට යෝජනාවක් සම්මත කර ගැනීමට රජය උත්සාහ ගන්නා බවද පැවසිය.

එමෙන්ම කොළඹ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සිරිකොත ගමට ගෙන යන වැඩපිළිවෙල අරඹා ඇතැයි කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ සැලැස්ම ගමට ගෙන යෑම සඳහා ගම සමඟ පිළිසදරක් වැඩපිළිවෙල ඇරඹු බවද සඳහන් කළේය.

Read more

Local News