අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද “මෙත්සිරි සෙවණ“ වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කර තිබේ.
අද(20) පෙරවරු 10.00 ට පමණ එම ප්‍රතිකාර ඒකකය ජනාධිපතිවරයා විසින් විවෘත කර ඇති අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ඉදිකරණ ලද මෙම පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා ජාතික වකුගඩු රෝග අරමුදලෙන් රුපියල් මිලියන 437ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදි තිබේ.
පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සමයේ තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගි කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම අරමුදල ස්ථාපිත කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
එම අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතියන්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව ඇති අතර එමගින් වකුගඩු රෝගීන්ගේ සුබසාධන කටයුතු, රෝගී ප්‍රතිකාර සදහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය, වකුගඩු රෝග නිවාරණය සහ රෝග මූලය හදුනාගැනීම සම්බන්ධව සිදු කෙරෙන පර්යේෂණ සදහා දායකත්වය දැක්වීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව සඳහන්ය.