දියේ ගිලි දෙදෙනෙක් මරුට

Share

අම්බලන්ගොඩ, අකුරල මුහුදු ප්‍රදේශයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙන බවට පොලීසිය සඳහන් කරයි.

දියනෑමට ගිය පිරිසක් අතරින් පුද්ගලයින් දෙදෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් ඇති අතර පසුව ඔවුන් දෙදෙනා බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවටයි වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු සහ කහව ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අම්බලන්ගොඩ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News