කුඩු ළග තබා ගත්තට සිදු වු දේ

Share

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.47 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් තීන්දුව ලබා දී තිබේ.

කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරුණශාන්ත පතිනායක නැමැත්තෙකුටයි මෙසේ දඬුවම් නියම වුණේ.

2012 වසරේ අගෝස්තු මස 21 වනදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බොරැල්ල, මැගසින් පාරේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔහුට මෙම දඬුවම පනවන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

Read more

Local News