අර්ජුන මහේන්ද්‍රන් ගැන රජයෙන් ප්‍රකාශයක්

Share

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පුරු මාධ්‍ය වාර්ථාවක් උපුටා දක්වමින් මෙරට මාධ්‍යවල පළවී තිබු ප්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සිදු කළ බවට එරට මාධ්‍ය පළ කර තිබු වාර්තාව උපුටා දක්වමින් මෙරට මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බවයි.

අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පනය කර ගැනීමේ ඉල්ලීමට අදාළ කටයුතු ප්‍රමාද වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු නොකීරීම බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ සිංගප්පුරු රජය විසින් කිසිදු නිල ප්‍රකාශයක් මෙරට බලධාරීන් වෙත ලබා දී නොමැති බවයි.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට උදර්පනය කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ මැයි මස 28 වන දින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිල ඉල්ලීමක් සිදු කළ බව අදාල නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව මේ වනවිට එම ඉල්ලීම සිංගප්පුරු නීතිපතිවරයාගේ අවදානයට යොමු වී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙරට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read more

Local News