යතුරුපැදියක් නවතා තිබු ට්‍රැක්ටරයක ගැටෙයි – යතුරුපැදිකරු මරුට

Share

මහියංගන-පොළොන්නරුව මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එම මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේදී මාර්ගයේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා රෝහල වෙත රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ට ජයන්තිපුර හොබරියාව පදිංචි 32 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගන දෙසට ධාවනය වෙමින් තිබූ ගොයම් මඩින යන්ත්‍රයක් පටවාගත් ට්‍රැක්ටර් රථය නවත්වා පොලිස් නිලධාරීහු පිරිසක් එය පරීක්ෂා කාරමින් සිටියදී ඊට පසුපසින් පැමැණි යතුරුපැදිකරු ට්‍රැක්ටරයේ පසුපස කොටසේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

යතුරුපැදිකරුගේ නොසැලකිල්ලෙන් හා ට්‍රැක්ටරයේ පසුපස ආලෝකයට සංවේදී ප්‍රතිඋත්පාදන පහන් නොමැතිවීමෙන් අනතුර සිදුව ඇති බව මූලික විමර්ශත වලදී අනාවරණය වී ඇත.

අනතුර සම්බන්ධව ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානාය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News